ඊයේ (17) දින උදෑසන කාලයේ ලිඳුල පොලිස් වසමේ බඹර කැලේ වත්තේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් සිව් දෙනෙකු බඹර ප්රහාරයකට ලක්ව තිබෙනවා.
පසුව ඔවුන් වතු රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව එක් කාන්තාවක් මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මියගිය කාන්තාව වයස අවුරුදු 80 ක් වූ ලිදුල ප්රදේශයේ පදිංචිකාරියකි.
අනෙක් කාන්තාවන් තිදෙනා ප්රථිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් ලිදුල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



