මැතිවරණය කල් දැමීම හේතුවෙන් අපහසුතාවයට පත් වී සිටින රාජ්‍ය සේවකයින්ගේ ගැටලු නව චක්‍රලේඛයක් මගින් විසඳන ලෙස පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයෙන් ඉල්ලා සිටිනවා.
මැතිවරණයක් පැවැත්වීමට නොහැකි නම්, නව නීතියක් මගින් හෝ නාම යෝජනා අවලංගු කරන ලෙසයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ද ඉල්ලා සිටින්නේ.
ආණ්ඩුවට මේ සඳහා චක්‍රලේඛයක් සකස්කිරීමට නොහැකි නම් එය විපක්ෂයට කළ හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පෙන්වා දුන්නා.
මේ අතර මහ බැංකු පනත පිළිබඳ පාර්ලිමේන්තුවේ අවධානය යොමු කිරීමත් සමග උණුසුම් වාද විවාද ඇති වුණා.



