ගල්කිස්ස පොලිස් වසමේ කුඹුකවත්ත, ගෝනපල ප්රදේශයේ නිවසක් බිඳ දේපල සොරකම් කළ සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්රෑම් 05 මිලිග්රෑම් 200 ක් ද හමුවී තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 25 ක් වූ කුඹුක, ගෝනපල ප්රදේශයේ පදිංචිකරුවෙක්.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ ප්රශ්න කිරීමේදී, ඔහු විසින් නිවසින් සොරකම් කරන ලද ඇමරිකන් ඩොලර් 100 නෝට්ටු 11, මුතු මාල 01, කර මාල 25, අත් පළඳනා හා වළලු 25, ගෙල පළඳනා 07, පෙන්ඩන් 16, පාෂාණ කැබලි 02, කරාබු ජෝඩු 43, මුදු 01, අත් ඔර්ලෝසු 01, රිදී මුදු 06, ටැබ් යන්ත්ර 01, ජංගම දුරකථන 01, ලැප්ටොප් යන්ත්ර 01 ක් හා උණු කරන ලද ග්රෑම්14 පමණ වූ රත්තරන් ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.



