ඊයේ (18) දින උදෑසන කාලයේ මොරවක පොලිස් වසමේ අලපලාදෙනිය ප්රදේශයේ දී දෙනියාය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබෙනවා.
එහිදී විදේශ රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවි දෙකක් ලඟ තබා ගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 43ක් වූ අලපලාදෙනිය ප්රදේශයේ පදිංචිකරුවන්.