මහනුවර ඇසළ පෙරහැර සමයේ දී ශ්රී දළඳා මාලිගාව ඇතුලු සිව් මහා දේවාල විදුලි ආලෝකයෙන් සරසනු ලබනවා.
ඒ අනුව මෙවර විදුලි ආලෝකය සඳහා රුපියල් එක් කෝටි තිස් තුන් ලක්ෂයකට අසන්න මුදලක් විදුලිබල මණ්ඩලය ඇස්තමේන්තු කර ඇති බවයි වාර්තා වන්නේ.
එම විදුලි බිල සහ දළඳා පෙරහැර පැවැත්වීම සම්බන්ධ සාකච්ඡාවක් ශ්රී දළඳා මාලිගා පරිශ්රයේදී පැවැත්වුණා.
ඒ සදහා දියවඩන නිලමේ ප්රදීප් නිලංග දෑල, සතර මහා දේවාලවල නිලමේවරුන් සහ විදුලිබල මණ්ඩල නියෝජිතවරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියා.
රාජ්ය අනුග්රහය ලැබෙන්නේ නැත්නම් අතීතයේ සිදු කළාක් මෙන් පන්දම් එළියෙන් දළඳා පෙරහර පැවැත්වීමට කටයුතු කරන බව සිව්මහා දේවාලවල නිලමේවරු පවසනවා.
දියවඩන නිලමේ ප්රදීප් නිලංග දෑල ප්රකාශ කළේ, ඇස්තමේන්තු ගත කර ඇති විදුලි බිල නැවත සකස් කිරීමට විදුලි බල මණ්ඩලය එකඟ වූ බවයි.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



