ඊයේ (20) බිංගිරිය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබෙනවා.
එහිදී පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැණිම් කරමින් සිටි සැකකරුවන් හත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
සැකකරුවන් සන්තකයේ තිබී මෝටර් රථයක්, යතුරුපැදි 03 ක්, කළුගල් විදීමට යොදා ගන්නා උපකරණයක්ද ඇතුළු කැණිම් උපකරණ හා පූජා භාණ්ඩ පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 22 ත් 74 ත් අතර වයස්වල පසුවන වීර පොකුණ, නාරම්මල, ආණමඩුව, ඉලුක්හේන හා හලාවත ප්‍රදේශවල පදිංචිකරුවන්.



