නෙදුන්කේනි පොලිස් වසමේ වෙඩිතැබීමක්

Share

නෙදුන්කේනි පොලිස් වසමේ පට්ටිකුඩිරුප්පු ප්‍රදේශයේ දී ඊයේ (21) වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

පට්ටිකුඩිරුප්පු ප්‍රදේශයේ වගා ඉඩමක් තුළ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

පෞද්ගලික ආරවුලක් මෙම වෙඩි තැබීමට හේතුවූ බව පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 58 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු පට්ටිකුඩිරුප්පු නෙදුන්කේනි ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා ප්‍රදේශයෙන් පළාගොස් තිබෙනවා.

ඔහු සොයා මේ වන විට පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Read more

Local News