හෙරොයින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

Share

පෑලියගොඩ පොලිස් වසමේ 90 වත්ත ප්‍රදේශයේ ඊයේ (23) වැටලීමක් සිදුකර තිබෙනවා.

එහිදී හෙරොයින් ග්‍රෑම් 25 මිලිග්‍රෑම් 150 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 19ක් වූ මීගමුව පාර, පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අද (24) දින අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතවයි.

Read more

Local News