සයිනොපෙක් පළමු ඉන්ධන තොගය ලබන මස මුල දිවයිනට

Share

විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක ප්‍රකාශ කළේ, චීනයේ සයිනොපෙක් සමග ඇතිකර ගත් ගිවිසුමට අනුව පළමු ඉන්ධන තොග ඇනවුම ලබන මස මුල් සතියේ මෙරටට ළඟා වනු ඇති බවයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්

එමෙන්ම සියලු සමාගම්වලට බලපාන පරිදි මිල සූත්‍රය භාවිත කරමින් ඉන්ධන සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවත් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.

රටට ප්‍රතිලාභ අත්කර දෙමින් ඉන්ධන සැපයීමේ තරඟකාරිත්වයක් ඇති කිරීම එහි ප්‍රධාන අරමුණ බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Read more

Local News