රටේ පැවති ආනයන සීමා හේතුවෙන් ඇති වූ අමතර කොටස් හිඟය සහ මිලදී ගැනීමේ මූල්‍ය දුෂ්කරතා නිසා ධාවනයෙන් ඉවත් කර තිබූ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ 175ක් අලුත්වැඩියා කොට නැවත මගී ප්‍රවාහන පද්ධතියට එක් කිරීම පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් දැනුම් දීම ඊයේ (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු වුණා.
ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් ඊට අදාළ ලිපි ලේඛන ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.
වසර තුනකට අධික කාලයක් ධාවනයෙන් ඉවත් කර තිබූ බස් රථ 852 කින් බස් රථ 400ක් නැවත අළුත්වැඩියා කිරීමට ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන ගේ උපදෙස් පරිදි මහා භාණ්ඩාගාර ප්‍රතිපාදන යටතේ ඩිපෝ මට්ටමින් ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති අතර ඒ යටතේ වැඩ නිම කෙරුණු බස් රථ 175ක් මෙලෙස භාර දී තිබෙනවා.