නීති විරෝධී මත්පැන් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

Share

මීරිගම පොලිස් වසමේ කරගහතැන්න ප්‍රදේශයේ ඊයේ (25) වැටලීමක දී පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නීති විරෝධී මත්පැන් ලීටර් 67.5 ක් (බෝතල් 90) සන්තකයේ තබාගෙන ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි සැකකරුවකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරු වයස අවුරුදු 45 ක් වන මීරිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු අද (26) දින අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News