ජපුරට නව උපකුලපතිවරයෙක්

Share

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පත්මලාල් එම් මානගේ පත්කර තිබෙනවා.

ඔහු වසර තුනක කාලයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත්කර ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

මෙම පත්වීමට පෙර මහාචාර්ය මානගේ උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපතිවරයා ලෙස කටයුතු කර තිබෙනවා.

Read more

Local News