පරාජයේ දුක කියන දිමුත්

Share

තරග පරදින විට දුක ඇතිවන බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසනවා.

ඊයේ (27) පාකිස්ථානය හමුවේ තරග පරාජයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ” පැරදෙනකොට දුකයි. රට නියෝජනය කරමින් පරදිනකොට වැඩියෙන්ම දුක දැනෙනවා.” යනුවෙනුයි.

ඊයේ තරගය ඉනිමකින් සහ ලකුණු 222කින් පාකිස්ථානය ජයගත් අතර ශ්‍රී ලංකාව ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේදී සහභාගිවූ පළමු තරගාවලිය 2-0ක් ලෙස ඒ අනුව පරාජයට පත්වුණා.

Read more

Local News