රන් භාණ්ඩ හා මුදල් කොල්ලකෑ 05 ක් අත්අඩංගුවට

Share

නිවසකට අයුතු ලෙස ඇතුල් වී කාන්තාවන් දෙදෙනෙකුට කඩු හා යකඩ කම්බිවලින් පහර දී තුවාල සිදුකර නිවසේ දේපලවලට අලාභ හානි කර රන් මාල 02ක්, රන් පෙන්ඩන් 02ක් හා මුදල් රුපියල් 12,500/- ක් කොල්ලකෑමක් සම්බන්දයෙන් තොරතුරු සිදම්බරපුරම් පොලිස් ස්ථානයට වාර්තා වී තිබෙනවා.

එම සිද්ධියට අදාල සැකකරුවන් 05 දෙනෙකු ඊයේ (06) අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 22 හා 20 වයස්වල පසුවන ආච්චිපුරම්, වව්නියාව ප්‍රදේශයේ පදිංචිකරුවන්.

සිද්ධිය සම්බන්ධයෙන් සිදම්බරපුරම් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Read more

Local News