අධ්‍යාපන අමාත්‍යවරයා හා කොරියානු තානාපති අතර සාකච්ඡාවක්

Share

ශ්‍රී ලංකාව හා කොරියාව අතර වෘත්තීය හා පුහුණු අවස්ථා සහිත අධ්‍යාපන සහයෝගීතාව වර්ධනය කර ගැනීමට අදාළ ව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත සහ මෙරට දකුණු කොරියානු ජනරජයේ තානාපති මියොන් ලී අතර ද්වීපාර්ශ්වික සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පවත්වා තිබෙනවා.

මෙරට ශ්‍රමිකයන්ට කොරියානු රජයේ රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් සහ වෘත්තීය පුහුණු හා අධ්‍යාපන ශිෂ්‍යත්වය ලබා දීම පිළිබඳ කොරියානු රජයට කෘතවේදීත්වය පළ කරමින් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මෙහිදී අදහස් ප්‍රකාශ කළා.

ඉදිරියේ දී ප්‍රශස්ත මට්ටමේ කොරියානු වෘත්තීය පුහුණු අවස්ථා සඳහා අදාළ වන පරිදි ශ්‍රී ලංකාවේ පුහුණු පාඨමාලා සැකසීම පිළිබඳ උනන්දුව හා අවධානය යොමු කරන බව ද පැවසූ අමාත්‍යවරයා, ඒ සඳහා එරටේ සහයෝගය අපේක්ෂා කරන බව ද පවසා සිටියා.

එසේ ම මෙරට සිසුන්ට හා ශ්‍රමිකයන්ට කොරියාවේ අධ්‍යාපන හා රැකියා අවස්ථා වැඩි වශයෙන් උදා කරගැනීම පිළිබඳව ද කොරියානු තානාපතිවරයාගේ අවධානය යොමු කරවීමට සුසිල් ප්‍රේමජයන්ත කටයුතු කර තිබුණා.

Read more

Local News