පාසල් යමින් සිටි දැරියකට පිහි ඇනුමක්

Share

මිණිපේ, හසලක ප්‍රදේශයේ අද (08) උදෑසන පාසල් යමින් සිටි දැරියක පිහි ඇනුමකට ලක්ව තිබෙනවා.

මෙලෙස පිහි ඇනුමට ලක්ව ඇත්තේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවියක් බවයි වාර්තා වන්නේ.

දැරියගේ සිරුරේ කැපුම් තුවාල කිහිපයක් දක්නට ලැබුණු බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

ප්‍රතිකාර සඳහා මහියංගණ මූලික රෝහලට මෙම දැරිය ඇතුලත් කර ඇති බවද අප වාර්තාකරු සඳහන් කළා.

පිහි ඇනුම සිදුකර ඇත්තේ වයස අවුරුදු 24ක තරුණයකු බවද වාර්තා වනවා.

සිද්ධියට අදාල සැකකරු හසලක පොලීසියට භාර දී ඇත්තේ ප්‍රදේශවාසීන් එක්වයි.

Read more

Local News