ඇඹිලිපිටිය දෙස සිට මිද්දෙණිය දෙසට ධාවනය වූ බස් රථයක් හා ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටී ඊයේ (08) අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් ත්රිරෝද රථයේ රියදුරු හා පිටුපස අසුනේ ගමන් කල තිදෙනෙකු තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලට ඇතුලත් කිරීමේ දී රියදුරු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 50 ක් වන බූකන්දයාය, කටුවන ප්රදේශයේ පදිංචිකරුවෙක්.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඇඹිලිපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.