හබරාදුව පොලිස් වසමේ කොග්ගල කතළුව පාලම අසල මෝයකට ආසන්නයේ මුහුදේ දිය නාමින් සිටි පිරිසකගෙන් තිදෙනෙකු මුහුදේ ගසාගෙන යන අවස්ථාවේ දෙදෙනෙකු බේරාගෙන ඇති අතර අනෙක් පුද්ගලයා දියේ ගිලී අතුරුදහන් වී තිබෙනවා.
උඩවලව ප්‍රදේශයේ පිරිසක් විනෝද චාරිකාවක් සඳහා පැමිණ ඉහත ස්ථානයේ දිය නාමින් සිටිය දී මෙම අනතුරට මුහුණපා ඇති අතර බේරාගත් දෙදෙනා ප්‍රතිකාර සඳහා කළුගල රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
අතුරුදන් වූ පුද්ගලයා වයස අවුරුදු 35 ක් වන බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.