2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර තරගය ලකුණු 2 කින් ජය ගනිමින් සුපිරි 4 වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 50 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 291 ක් ලබා ගැනීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 37.1 පන්දුවක් තුළ ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට අසමත් වූ අතර ඒ හේතුවෙන් ඔවුන් සුපිරි 4 වටයට සුදුසුකම් ලැබීමට අසමත් වුණා.