හෙද සේවයට දහසක් බඳවා ගැනේ

Share

හෙද සේවාවේ පවතින පුරප්පාඩු අතුරින් 1000 ක ප්‍රමාණයක් වහාම බඳවා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල එම අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

මේ වනවිට 3000 ක පමණ හෙද පුරප්පාඩු ප්‍රමාණයක් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ පවතින අතර ඒ අනුව අනෙකුත් අවශ්‍ය බඳවාගැනීම්ද කඩිනමින් සිදු කිරීමට මේ වන විට අවශ්‍ය පියවර ගනිමින් තිබෙන බව අමාත්‍යවරයා පවසනවා.

මෙලෙස පළමු වටයේදී බඳවා ගැනෙන පිරිසට අමතරව අනෙකුත් පුරප්පාඩු සඳහා ද සිදු කිරීමට නියමිත බඳවා ගැනීමේදී ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨත්වයට හානියක් නොවන පරිදි අදාළ බඳවාගැනීම් සිදු කිරීමට පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙන බවයි වාර්තා වන්නේ.

Read more

Local News