Home දේශීය පුවත් පිළිකා රෝගයෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකික ජනතාවට චීන තානාපතිගේ සහය

පිළිකා රෝගයෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකික ජනතාවට චීන තානාපතිගේ සහය

0
පිළිකා රෝගයෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකික ජනතාවට චීන තානාපතිගේ සහය

ඉදිරියේ දී පිළිකා රෝගයෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකික ජනතාව ඉන් මුදවාලීම සඳහා තම විශේෂඥ දැනුම සහ වෙනත් සෞඛ්‍ය ආධාර ශ්‍රී ලංකාවට ලබා දීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති යී.ෂියැන් ලියැන්ග් මහතා අවධාරණය කළේය.

ශ්‍රී ලංකා පිළිකා සරණ භාරය මගින් පිළිකා රෝගීන්ට සහනය සැලසීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන ව්‍යාපෘති පිළිබඳ නිරීක්ෂණය කිරීම සහ ඊට සහාය දැක්වීම පිණිස මහරගම අපේක්ෂා රෝහලට නුදුරින් පිහිටි පිළිකා සරණ භාරයේ ප්‍රධාන කාර්යාලය වෙත පැමිණි චීන තානාපති යී.ෂියැන් ලියැන්ග් මහතා සහ එම මහත්මිය ඇතුළු දූත පිරිස අපේක්ෂා රෝහලේ ළමා ප්‍රතිකාර ඒකකය ද නිරීක්ෂණය කළහ.

ආගමික, සංස්කෘතික ආර්ථික, අධ්‍යාපනික, රාජ්‍ය තාන්ත්‍රික හා සෞඛ්‍ය ආදී සෑම ක්ෂේත්‍රයකදීම චීනය ශ්‍රී ලංකාවේ ශක්තිමත් මිතුරෙකු ලෙස කැප වන බව යී.ෂියැන් ලියැන්ග් මහතා  මෙහිදී පෙන්වා දුන්නේය.  චීන තානාපතිවරයා පිළිකා සරණ භාරයේ කටයුතු වෙනුවෙන් විශේෂ මූල්‍ය ප්‍රදානයක් ද පිරිනැමීම මෙහිදී සිදු විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here