අවමංගල්‍ය නිවසක දී පිරිසකට විදුලි සැර වැදෙයි – එක් අයෙක් මරුට

Share

තිහාරිය ප්‍රදේශයේ පුද්ගලයින් පස් දෙනෙකුට විදුලිසැර වැදීම හේතුවන් වතුපිටිවල රෝහලට ඇතුලත් කිරීමේ දී එක් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

තවත් පුද්ගලයින් සිව් දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබා ගන්නා බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 40ක් වූ තිහාරිය, කළගෙඩිහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ප්‍රදේශයේ පැවති අවමංගල නිවසක් තිබ‍ූ මාර්ගයට ආලෝකය ලබා දීමට විදුලි බල්බ සවි කිරීමට කටයුතු කරමින් සිටිය දී, විදුලි බල්බ සවිකිරීමට යොදා ගත් වයරය මාර්ගයේ තිබු අධිබලැති විදුලි රැහැනක ගැටීමෙන් මෙම පුද්ගලයින්ට විදුලිසැර වැදී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Read more

Local News