මෙරටට පැමිණෙන සෑම සංචාරකයෙකුටම ගුවන් තොටුපලේ දී තේ සිහිවටනයක්

Share

මෙරටට පැමිණෙන සෑම විදේශ සංචාරකයෙකුටම සංචාරය නිමවා ආපසු යන අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ තේ පිලිබඳ සිහිවටනයක් ගුවන් තොටුපලේ දී දී ලබා දීමට කටයුතු යොදන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර යෝජනා කර තිබෙනවා.

අමාත්‍යවරයා මේ යෝජනාව ඉදිරිපත් කලේ, තේ කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව පසුගියදා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවකදී.

ඒ අනුව Ceylon Tea නාමය ලොව ප්‍රචලිත කිරීමේ අරමුණින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන අතර, මේ සඳහා වැය වන මුදල තේ මණ්ඩලය හා පුද්ගලික අංශය විසින් දැරීමට නියමිතයි.

Read more

Local News