කළුතර වෙඩිතැබීමක් (VIDEO)

Share

කළුතර දකුණ, කටුකුරුන්ද ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් නිවසක සිටි පුද්ගලයෙකුට වෙඩි තබා පලා ගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 39ක් වූ කලමුල්ල, කළුතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර කටුකුරුන්ද ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිට ඇති බවයි වාර්තා වන්නේ.

මෙම වෙඩි තැබීම හේතුවෙන් වයස අවුරුදු 08ක මරණකරුගේ දියණියක් ද තුවාල ලබා ප්‍රතිකාර සඳහා නාගොඩ රෝහලට ඇතුලත් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News