ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයෙක් මරුට

Share

මොරොන්තුඩුව, නාන්දුව ප්‍රදේශයේදී පහරදීමක් හේතුවෙන් පුද්ගලයෙකු තුවාල ලබා ගෝනදුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 44ක් වූ කහටගස්හන්දිය, වල්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

මරණකරු ඔහුගේ සහෝදරියගේ හා ඇයගේ සැමියා අතර ඇති වූ ආරවුලක් සමථයකට පත් කිරීමට ඔවුන්ගේ නිවසට පැමිණ ඇති අතර එම අවස්ථාවේ ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මස්සිනා සහ ඔහුගේ පියා විසින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

Read more

Local News