අඟුරුවාතොට, නිව්වැටල් වත්ත නෑබඩ ලිපිනයේ පදිංචිව සිටියදී ගංවතුරට හසුව අතුරුදහන්ව සිටි වයස අවුරුදු 17ක්වූ පිරිමි ළමයාගේ මෘත ශරීරය හමුවී තිබෙනවා.
මෘත ශරීරය පශ්චාත් මරණ පරික්ෂණය සඳහා හොරණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අඟුරුවාතොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරගෙන යනු ලබනවා.