පෙර පාසල් ගුරුවරුන්හට මෙතෙක් ලබාදුන් රුපියල් 2500 දීමනාව රුපියල් 5000 දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව පෙර පාසල් ගුරුවරුන් 8700කට රුපියල් 5000 බැගින් දීමනාව අඛණ්ඩව ඉදිරියට ලැබෙන බවයි වාර්තාවන්නේ.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (12) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවේ දී පෙර පාසල් ගුරුවරුන්ගේ වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.