රිය අනතුරකින් තරුණයෙක් මරුට

Share

බණ්ඩාරවෙල දෙස සිට බදුල්ල දෙසට ධාවනය කල යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ පෙරලී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි බස් රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු බණ්ඩාරවෙල රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 19ක් වන ඇල්ලපාර, වැල්ලවාය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News