පොසොන් සමය වෙනුවෙන් විශේෂ බස් සේවාවක්

Share

අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් අනුරාධපුර, තන්තිරිමලේ, මිහින්තලය පුජනිය නගර කේන්ද්‍ර කර ගනිමින් විශේෂ බස්රථ සේවාවක් ක්‍රියත්මක කිරීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරනවා.

ඊට අමතරව සිතුල්පව්ව පූජා භුමිය හා කතරගම ඇතුළු අනිකුත් පූජා නගර ඉලක්ක කර ගනිමින් ද බැතිමතුන්ගේ පහසුව සඳහා අවශ්‍ය බස් රථ යෙදවීමට කටයුතු සැලසුම් කර තිබෙනවා.

මධ්‍යම බස්රථ කාර්යාලය, මහනුවර ප්‍රධාන බස් නැවතුම්පල, කුරුණෑගල ප්‍රධාන බස් නවතුම්පොලෙහි සිට පැය 24 පුරා ආවරණය වන පරිදි අනුරාධපුරය දක්වා බස්රථ යෙදවීමට සැලසුම් කර ඇති අතර මහව, ගල්ගමුව, හොරොව්පතාන, කැබිතිගොල්ලෑව, මැදවච්චිය, කැකිරාව නගරවල සිට අඛණ්ඩව සේවාවක් අනුරාධපුරය හා මිහින්තලය ආවරණය වන පරිදි යොදවන බවයි වාර්තා වන්නේ.

Read more

Local News