වන්දනාවේ යන බැතිමතුන් සඳහා විශේෂ බස් සහ දුම්රිය සේවාවක්

Share

අනුරාධපුර වන්දනාවේ යන බැතිමතුන් වෙනුවෙන් අද සිට විශේෂ දුම්රිය හා බස්රථ ගමන් වාර කිහිපයක් එක්කර තිබෙනවා.

ඒ අනුව, අද (20) පස්වරු 4.45 ට කොළඹ කොටුවෙන් කුරුණෑගල බලා ධාවනය වන දුම්රිය හා සවස 5.20 ට කොළඹ කොටුවෙන් ගනේවත්ත බලා ධාවනය වන දුම්රිය මහව මංසන්ධිය දක්වා දීර්ඝ කිරීමටත්, රාත්‍රී 8.00 ට හික්කඩුව දුම්රිය ස්ථානයෙන් පොළොන්නරුව දක්වා ධාවනය වන විශේෂිත දුම්රිය ධාවනය කෙරෙනු ඇති.

එමෙන්ම, හෙට (21) දින බෙලිඅත්ත සිට මහව දක්වා ධාවනය කිරීමටත් කටයුතු කර තිබෙන මෙම විශේෂිත දුම්රියයන් 21, 22හා 23 යන දිනවල දී ධාවනය කිරීමට කටයුතු යොදා තිබෙනවා.

අනුරාධපුර සිට මිහින්තලය දක්වා ධාවනය වන විශේෂිත දුම්රිය ගාස්තු අය කිරීමකින් තොරව මඟීන්ට ප්‍රවාහන පහසුකම් සැලසීම වෙනුවෙන් යොදවා ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසිය.

එසේම සුපුරුදු පරිදි ධාවනය වන බස්රථ කාල සටහන්වලට අමතරව අනුරාධපුරය, මිහින්තලය හා තන්තිරිමලය දක්වා අතිරේක බස්රථ 400ක් පමණ යොදවා ඇති අතර දිවයිනේ ප්‍රධාන නගර ආවරණය වන පරිදි අවශ්‍යතාවය අනුව බස්රථ යෙදවීමට කටයුතු යොදා තිබෙනවා.

මෙම බස්රථ සේවාවන් අද පස්වරුවේ සිට ආරම්භ වන අතර ජුනි මස 24 වන දින පෙරවරුවෙන් අවසන් කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News