සත්ත්ව නිෂ්පාදන ආනයනය ගැන තීරණයක්

Share

කුරුළු උණ රෝගය වාර්තා වන කිසිදු රටකින් සතුන් හෝ සත්ව නිෂ්පාදන මෙරටට ආනයනය කිරීමට අවසර නොදෙන බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.

දැනට රටවල් කිහිපයක යළිත් හිස ඔසවා ඇති කුරුළු උණ රෝග කාරක වෛරසය මෙරටට ඇතුළුවීම වැළැක්වීම සඳහා ගෙන ඇති පියවර මෙන්ම ක්‍රියාමාර්ග තවදුරටත් පැවැති පරිදිම ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල පවසනවා.

කුරුළු උණ රෝගය වාර්තාවන කිසිදු රටකින් මෙරටට සත්ව නිෂ්පාදන හෝ සතුන් ආනයනය කිරීමට අවසර ලබා නොදෙන බව ද ඇය සඳහන් කළා.

Read more

Local News