පන්සල් ගොස් නිවසට පැමිණි කාන්තාවකට අවාසනාවන්ත ඉරණමක්

Share

ගෝනපිනුවල සාමගම, අලුත්වල ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවක්ව ඝාතනය කර තිබෙනවා.

මරණකාරිය වයස අවුරුදු 76ක් වූ සාමගම, අලුත්වල ප්‍රදේශයේ පදිංචිකාරියක්.

මරණකාරිය අවිවාහක කාන්තාවක් වන අතර මෙම කාන්තාව තම සහෝදරයාගේ පුතා සමඟ වසර කිහිපයක සිට මෙම නිවසේ පදිංචිව සිට තිබෙනවා.

මෙම කාන්තාව පසුගිය පොසොන් පොහොය දිනයේ සිල් සමාදන් වී නිවසට පැමිණිමෙන් පසු ඇයට පොල්ලකින් පහර දී ඝාතනය කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මෙම කාන්තාව ඝාතනය වූ ස්ථානයේ තිබී ඇයට පහර දුන් බවට සැක කෙරෙන පොල්ලක්ද පොලිස් විමර්ශන නිලධාරීන් විසින් සොයා‌ගෙන තිබෙනවා.

පොලීසිය පවසන්නේ පොසොන් පොහොය දිනයේ (21) සවස් කාලයත් ඊයේ දිනයේ (23) උදෑසන කාලයත් අතරතුර මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

මෙම කාන්තාවගේ සහෝදරයාගේ පුත්‍රයා විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවට පොලීසිය සැක කරනවා.

ඔහු මේ වන විට ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Read more

Local News