වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට පෙර අගවිනිසුරුවරයා එවන ලද ලිපියක් කතානායක මහින්ද යාපා අබේවර්ධන අද පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කළා.
ඊට පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල දැඩි විරෝධය පළ කළා.
ඔහු පැවසුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමකින් තොරව එලෙස ලිපි කියවීමට නොහැකි බවයි.
පාර්ලිමේන්තු සම්ප්‍රදායන් අනුව ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය බවයි විවාදයට එක්වෙමින් විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
ඒ ඇතුළු පාර්ලිමේන්තුව වෙතයි දැන් අවදානය.