විදේශිකයන් චීනයට පැමිණීම සඳහා වඩාත් පුළුල් අවකාශයක් සපයන බව චීනය ප්‍රකාශ කරනවා.
චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ලින් චියෙන් ඊයේ (9) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී කියා සිටියේ විදේශිකයන් චීනයේ සංචාරය කිරීමට තව තවත් පහසුකම් ලබා දෙන බවයි.
චීනය ඇතැම් රටවල් කෙරෙහි ක්‍රියාත්මක කරන නිදහස් වීසා ප්‍රතිපත්ති සහ පැමිණෙන විදේශිකයන්ට අඛණ්ඩව පහසුකම් සපයා දීම හේතුවෙන් චීනයට පැමිණෙන විදේශිකයන් සංඛ්‍යාව වර්ධනය වෙමින් පවතී.
මේ වසරේ මුල් භාගයේ චීනයට පැමිණි විදේශිකයන් සංඛ්‍යාව 2023 වසරේ සමාන කාල සීමාවට සාපේක්ෂව 152.7% කින් වර්ධනය වී තිබෙනවා.
ඒ අතරින් නිදහස් වීසා යටතේ පැමිණි විදේශිකයන් 2023 වසරේ සමාන කාල සීමාවට සාපේක්ෂ ව 190.1%කින් වැඩි වී ඇති අතර චීනයේදී ලද විවිධ මිහිරි අත්දැකීම් එම විදේශිකයන් ගෝලීය සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා ගැනීමෙන් “China Travel” ජනප්‍රිය සෙවුම් පදයක් බවට පත් වී ඇති බවයි වාර්තා වන්නේ.
මේ වසරේ දෙවන භාගයේ විදේශිකයන්ගේ පැමිණීම තවදුරටත් ඉහළ යනු ඇතැයි අදාළ ආයතන ඇස්තමේන්තු කර තිබෙන බව ද චීන විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.