මාරක රිය අනතුරකින් කාන්තාවක් මරුට

Share

කොළඹ සිට මහනුවර දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් ඉදිරියෙන් පැමිණි කාර් රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් ත්‍රිරෝද රථයේ රියදුරු සහ පිටුපස ගමන්කළ කාන්තාව බරපතල තුවාල ලබා බෙලිගල රෝහලට ඇතුලත් කිරීමේදී කාන්තාව මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකාරිය වයස අවුරුදු 56ක් වන තිරප්පුව, හන්දෙස්ස ප්‍රදේශයේ පදිංචිකාරියක්.

Read more

Local News