අඹුසැමි යුවලකට වෙඩි ප්‍රහාරයක්

Share

මිදදෙණිය පොලිස් වසමේ ගල්පොත්තයාය ජූලම්පිටිය මාර්ගයේ 06 කණුව ප්‍රදේශයේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි යුවළකට ගිනි අවියකින් වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

වෙඩි තැබීමෙන් යතුරු පැදිකරු තුවාල ලබා ඇති අතර, යතුරු පැදිය පෙරළීමෙන් කාන්තාව තුවාල ලබා මිද්දෙණිය රෝහලට ඇතුලත් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

තුවාල ලැබූ පිරිමි පුද්ගලයා වයස අවුරුදු 42ක් වන අතර, කාන්තාව වයස අවුරුදු 40ක් වන ජූලම්පිටිය ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවලකි.

තුවාලකරුවන් ඔවුන්ගේ වෙළඳසැල වසා දමා යතුරු පැදියෙන් නිවසට යමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, සැකකරුවන් වෙඩි තැබීමට රැගෙන එන ලද ගිනි අවිය එම ස්ථානයේ දමා පලා ගොස් තිබුණා.

Read more

Local News