අස්වැසුම දෙවැනි අදියරේ සංගණනය ලබන 31 වනදායින් අවසන්(VIDEO)

Share

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ දෙවැනි අදියරට අදාළ සංගණනය ජූලි 31 වනදා වන විට අවසන් කිරීමට නියමිතයි.

එසේම මෙම වැඩසටහන සඳහා පළමු අදියරේදී අයදුම් කිරීම මඟහැරුණු පවුල් වෙනුවෙන් පසුගිය පෙබරවාරි මාසයේ දී යළි අයැදුම්පත් කැඳවීමක් සිදු කළ අතර එහිදී අයදුම්පත් 454,924 ක් පමණ ලැබී තිබෙන බවත්, එම අයදුම්පත් සම්බන්ධ සංගණන කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙන බවත් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න පවසනවා.

ඔහු බව සදහන් කළේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින්.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News