ඉන්දු – ශ්‍රී ලංකා තරඟාවලියේ ප්‍රවේශ පත්‍ර ඔන්ලයින් ක්‍රමයට මිලදී ගැනීමේ අවස්ථාව

Share

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත විස්සයි-20 සහ එක්දින තරඟාවලියේ ප්‍රවේශ පත්‍ර ඔන්ලයින් ක්‍රමයට මිලදී ගැනීමේ අවස්ථාව ක්‍රීඩාලෝලීන් හට හිමිව තිබෙනවා.

ඒ අනුව https://mycricket.com.lk/slcb-ticketing-frontend-ticketing-platform-ui/home වෙබ් පිටුව ඔස්සේ ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් අයාතනය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

දෙරට අතර විස්සයි-20 තරඟාවලිය ලබන 27 වනදා ආරම්භ වීමට නියමිත අතර දෙවන සහ තෙවන තරඟ පිළිවෙලින් ලබන 28 සහ 30 වන දින පැවැත්වීමට නියමිතයි.

එක්දින තරඟාවලිය අගෝස්තු මස 2 වනදා ආරම්භ වනු ඇති.

Read more

Local News