දියේ ගිලී 17 හැවිරිදි පාසල් සිසුවෙකු මරුට

Share

අවිස්සාවේල්ල පොලිස් වසමේ කරදන ප්‍රදේශයේ නච්චිමලේ ඇලේ දිය නාමින් සිටි පිරිසක් අතුරින් පිරිමි ළමුන් දෙදෙනෙකු දියේ ගිලී තිබෙනවා.

ඉන් එක් සිසුවෙක් බේරාගෙන ඇති අතර අනෙක් සිසුවා දියේ ගිලී මියගොස් ඇති බවට අවිස්සාවේල්ල පොලිසියට ලද පණිවිඩයකට මත විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මියගිය සිසුවා වයස අවුරුදු 17ක් වන බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News