වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට

Share

නොච්චියාගම, ඇහැටුවාගම ප්‍රදේශයේ වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු තුවාල ලබා නොච්චියාගම රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 55ක් වන අඹගහවැව, නොච්චියාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මරණකරු වගාව වන සතුන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා ගොස් නැවත නිවස වෙත පැමිණෙමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බවට අනාවරණය වී තිබෙනවා.

Read more

Local News