රිය අනතුරකින් 13 හැවිරිදි දැරියක් මරුට

Share

කොබෙයිගනේ දෙස සිට කට්ටාපිටිය දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු සහ එහි පිටුපස ගමන්කළ යතුරුපැදිකරුගේ සහෝදරියක් වන කුඩා දැරියක් නිකවැරටිය රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී දැරිය මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය දැරිය වයස අවුරුදු 13ක් වූ පහල බලදොර, කොබෙයිගනේ ප්‍රදේශයේ පදිංචිකාරියක්.

Read more

Local News