පුද්ගල ආදායම් බදු මට්ටම සංශෝධනයට යෝජනාවක්

Share

පසුගිය සමයේ සිදු කරන ලද බදු ප්‍රතිසංස්කරණවලින් පීඩාවට පත් මධ්‍යම මට්ටමේ බදු ගෙවන්නන් සඳහා සහන සැලසීමේ අරමුණින් පුද්ගල ආදායම් බදු මට්ටම රුපියල් 500,000 සිට රුපියල් 720,000 දක්වා සංශෝධනය කිරීමට රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වෙත යෝජනා කර තිබෙනවා.

එම යෝජනාව සඳහා IMF විසින් සංශෝධන ඉදිරිපත් කර ඇති අතර පහළ බදු මට්ටම්වලට අයත් පිරිස සඳහා වැඩි සහනයක් ලබා දීම, මධ්‍යම මට්ටමට ද ඒ හා සමාන සහන සලසමින්, ඉහළ ආදායම් ලබන්නන් සඳහා තරමක් අඩු සහන ලබාදීමට මෙන්ම මෙම යෝජනාවේ හරය නොවෙනස්ව තබා ගැනීම ඊට අයත් වන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read more

Local News