කල්කුඩා පොලිස් වසමේ පාසිකුඩා මුහුදු තීරයේ දිය නෑමට ගිය 39 හැවිරිදි පුද්ගලයෙකු රළ පහරකට හසු වී අතුරුදන් වී ඇතැයි වාර්තා වනවා. පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම පුද්ගලයා සෙවීම සඳහා මේ වනවිට පොලිස්, නාවික හමුදා ජීවිතාරක්ෂක නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව මෙහෙයුම් දියත් කර තිබෙනවා. කල්කුඩා පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
Share
Read more




