අයහපත් කාලගුණයෙන් බෙන්තොට පැරණි පාලම ගිලා බසී

Share

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ බස්නාහිර සහ දකුණු පළාත් වෙන්වෙන බෙන්තොට පැරණි පාලම් දෙකෙන් එක් පාලමක් අයහපත් කාලගුණය හේතුවෙන් ගිලා බස ඇතැයි බෙන්තොට පොලිසිය පවසනවා. අද (27) අලුයම 300/400 අතර ඇති වූ තද සුළඟත් සමඟ මෙම පාලම ගිලා බැසීමට ලක්ව ඇතැයි ප්‍රදේශවාසීන් පවසනවා. මෙම පැරැණි ගාලු පාර සහිත පාලම 1902 වර්ෂයේ ඉදිකර ඇති බවට සාක්ෂි තිබෙනවා.

මෙම පාලම සංරක්‍ෂණය කිරීමට කටයුතු කරන්නැ‍යි වසර ගණනාවක සිට බෙන්තොට සංචාරක පුරවරයේ ප්‍රදේශවාසීන් වගකිවයුතු අංශවලින් ඉල්ලීම් කර තිබී ඇතැ‍යි ද වාර්තා වනවා. මෙම පාලම කඩා වැටීමෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුව නොමැති බවයි බෙන්තොට පොලිසිය පවසන්නේ.

Read more

Local News