උසස් පෙළ විභාගය ඇතුළු සියලු විභාග කල් දැමීමට තීරණය කරයි

Share

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ ඇතුළු සියලුම විභාග දින නියමයකින් තොරව කල් දැමීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ පවසනවා. උසස් පෙළ විභාගයේ දෙසැම්බර් 05 දක්වා පැවැත්වීමට නියමිතව තිබූ කොටසත් 12 ශ්‍රේණිය සඳහා නියමිත සාමාන්‍ය තොරතුරු තාක්ෂණය විභාගයත් බඳවා ගැනීම් සහ කාර්යක්ෂමතා කඩඉම් විභාග මෙලෙස දින නියමයකින් තොරව කල්දමා ඇති බවයි වාර්තා වන්නේ.

මීට හේතු වී ඇත්තේ විභාග මධ්‍යස්ථාන ආශ්‍රිත පාසල් සහ මාර්ග ගංවතුරෙන් හා පස් කඳු කඩාවැටීම්වලින් අවහිර වීමයි. දරුවන්ගේ සහ කාර්ය මණ්ඩලවල ආරක්ෂාව සහ මානසික පීඩනය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Read more

Local News