2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ තෙවන වර කියවීමේ (අවසන්) ඡන්ද විමසීම අද (දෙසැම්බර් 5) සවස 6.00ට පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි. ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය නොවැම්බර් 7 වනදා අයවැය කතාව ඉදිරිපත් කළ අතර, එහි දෙවන වර කියවීම නොවැම්බර් 14 වනදා වැඩි ඡන්ද 118කින් සම්මත වී තිබෙනවා. අද පෙරවරු 9.00ට ආරම්භ වන විවාදයෙන් අනතුරුව සවස 6.00ට ඡන්ද විමසීම සිදුවන අතර, අයහපත් කාලගුණය හේතුවෙන් කල් දැමූ විවාදය අතරතුර, පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා වන පරිපූරක ඇස්තමේන්තුවක්ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි වාර්තා වනවා.




