මෑත කාලීන සුළි සුළං සහ ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් ඇති වූ අහිතකර බලපෑම් සැලකිල්ලට ගනිමින්, මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවයට හානියක් නොවන අයුරින්, පීඩාවට පත් වූ පුද්ගලයින්ට සහ ව්‍යාපාරවලට (මින් ඉදිරියට ‘ණය ගනුදෙනුකරුවන්’ ලෙස හැඳින්වේ) ඵලදායී ලෙස සහන ලබාදීමේ අවශ්‍යතාවය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුනා ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා බැංකු සංගමයේ යෝජනා ද සලකා බලමින්, තම ආදායමට හෝ ව්‍යාපාර කටයුතුවලට සෘජුවම බලපෑම් සිදු වූ ණය ගනුදෙනුකරුවන්ට සහන සැපයීම සඳහා 2025.12.05 දිනැති අංක 04 දරන 2025 චක්‍රලේඛය බලපත්‍රලාභී බැංකු වෙත නිකුත් කර ඇතැයි වාර්තාවනවා.
ඒ අනුව, සහන ලබා ගැනීම සඳහා ණය ගනුදෙනුකරුවන් විසින් 2026 ජනවාරි 15 වැනි දිනට පෙර අදාළ බලපත්‍රලාභී බැංකු වෙත ලිඛිතව හෝ විද්‍යුත් මාර්ගයෙන් ඉල්ලීමක් කළවිට, පහත දක්වා ඇති සහන ලබා දීමට බලපත්‍රලාභී බැංකු කටයුතු කළ යුතු බවත් දැනුම් දී තිබෙන බවට වාර්තා වනවා.






