ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. ගුවන් සේවිකාවක බව කියන තැනැත්තියක් විසින් ඉදිරිපත් කළ පුද්ගලික පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇත්තේ. ඒ අනුව චාමික කරුණාරත්න රුපියල් ලක්ෂ 10 ක පුද්ගලික ඇපයක් මත මුදා හැරීමට අධිකරණය නියම කළ බවයි වාර්තා වන්නේ.




