කිලිනොච්චි පාලම ප්‍රතිසංස්කරණයට ඉන්දීය හමුදාව ඉදිරිපත් වෙයි

Share

ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය හමුදා කණ්ඩායම කිලිනොච්චියේ ගංවතුරෙන් හානි වූ පාලම් නැවත ඉදිකිරීමේ ක්‍රියාවලිය සඳහා සිය දායකත්වය ලබා දෙමින් සිටින බව වාර්තා වනවා. ගංවතුරෙන් හානි වූ පරන්තන් මුලතිව් A-35 මාර්ගය සහ ගංවතුරෙන් හානි වූ පාලම නැවත සැකසීමේ ක්‍රියාවලිය මේ වනවිට අරඹා ඇති බවත් සඳහන්. කිලිනොච්චියට පැමිණි ඉන්දියානු හමුදාවේ ඉංජිනේරුවෙකු ඇතුළු 43 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් ගංවතුරෙන් හානි වූ පාලම නැවත ඉදිකිරීමේ කටයුතු වල මේ වනවිට නියැලෙමින් සිටින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Read more

Local News