ශ්‍රී ලංකාවේ මංගල ටෙස්ට් තරඟයට ක්‍රීඩා කළ ඩී.එස්. ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

Share

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ජාතික කණ්ඩායමේ මුල්ම කණ්ඩායමේ සාමාජිකයෙකු වූ, පාදඟ පන්දු යවන ක්‍රීඩක ඩී.එස්. ද සිල්වා අභාවප්‍රාප්ත වී තිබෙනවා. 1982 වසරේ පැවති ශ්‍රී ලංකාවේ මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ඔහු, ටෙස්ට් තරඟ දෙකකදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවමින් නායකත්වය ද දරා තිබෙනවා. අභාවප්‍රාප්ත වන විට 83 වන වියේ පසුවූ ඩී.එස්. ද සිල්වා ලන්ඩනයේ දී අවසන් හුස්ම හෙළා ඇති බවයි පවුලේ ඥාතීන් තහවුරු කර ඇත්තේ. තවද, ඔහු 2009 වර්ෂයේ සිට 2011 වර්ෂය දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කර තිබෙනවා.

Read more

Local News